12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

සිවිල් වැසියන්ගේ යහපැවැත්ම අරමුණු කරගනිමින් 12 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 09 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. නැගෙනහිර ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාවයන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන පැවැත්විණි.

ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අවශ්‍යතායන් සපුරාලීම වෙනුවෙන් දක්වන කැපවීම පෙන්නුම් කරමින් මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.