‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ශ්‍රී සෛලබිම්බාරාම විහාරස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම සහ 213 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පී.එම් ද සිල්වා RSP USP ගේ අධීක්‍ෂණය මත ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 2025 ජුනි මස 08 දින ඉරට්ටපෙරියකුලම, ශ්‍රී සෛලබිම්බාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී වැඩසටහන් මාලාවක් පැවැත්විණි.

ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත 2 බලඇණිය (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන් මාලාවයටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව පන්සල් සහ ඒ අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක්, රුක් රෝපණ වැඩසටහනක් සහ පිරිසිදුකම හා පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දැනුවත් කිරීමේ දේශනයක් ද සිදුකෙරිණී.