අභිමංසල II සුවතා නිකේතනයේ මූලිකත්වයෙන් බැති ගී වැඩසටහනක්

පොසොන් පොහෝ දිනය සනිටුහන් කරමින් කඹුරුපිටිය, අභිමංසල II සුවතා නිකේතනය සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ වීරකෝන් RWP RSPගේ මඟපෙන්වීම මත එම සුවතා නිකේතන පරිශ්‍රයේදී විශේෂ අධ්‍යාත්මික සහ සුවතා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ අධ්‍යාත්මික සහ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබිණි.

මෙම වැඩසටහන යටතේ එම සුවතා නිකේතන පරිශ්‍රයෙන් ආරම්භ වී මාකඳුර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය, කඹුරුපිටිය ප්‍රධාන බස් නැවතුම්පොළ සහ එම අවට ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් ඔස්සේ ජංගම ‘භක්ති ගීත’ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. නරඹන්නන් වෙත සාමකාමී සහ ගෞරවාන්විත හැඟීමක් එක්කරමින් මෙම බැති ගී වැඩසටහන සංගීතවත් කෙරිණි.

මෙම අධ්‍යාත්මික වැඩසටහනට සමාගාමීව දන්සලක් ද සංවිධානය කෙරුණු අතර එහිදී ප්‍රාදේශවාසීන් වෙනුවෙන් පොල් රොටි සහ කොත්තමල්ලි පිරිනැමිණි.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා ප්‍රදේශවාසීන් 2,500 කට අධික පිරිසක් සහභාගි වූ අතර,ප්‍රදේශවාසීන් විසින් මෙම වැඩසටහන ඇගයීමට ලක්කරන ලදී.