ශ්‍රී ලංකාවේ නවදිල්ලි මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවදිල්ලි මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් සැව් මෝ ල්වින් 2025 ජනවාරි මස 28 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ් - එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.

මෙම සුහඳ හමුව අතරතුරදී, ජාතියේ අභිවෘද්ධිය උදෙසා යුද්ධ හමුදාව වෙතින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් වෙනුවෙන් ආරක්‍ෂක උපදේශකතුමන් සිය කෘතඥතාව පුදකළේය.

අනාගතයේදී දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් දෙරටෙහි දීර්ඝකාලීන සම්බන්ධතාවයන් පිළිබඳව සිහිපත් කළේය. සුහඳ හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.