21 පාබල සේනාංක මූලස්ථානයේ පැවති මූලික ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 24 සාර්ථකව අවසන්

මූලික ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 24 සමාප්ති උත්සවය 2025 ජුනි මස 11 දින අනුරාධපුරයේ ස්ථාපිත 21 පාබල සේනාංක පිහිනුම් තටාකයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ඒකක නියෝජනය කරනු ලබන සෙසුනිලයන් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම පාඨමාලාව පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP සහභාගි විය.

සහභාගි වූවන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්කරමින් දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය 2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ ජේ.එම්.යු.වයි.එම් ගුණසේකර විසින් දිනාගන්නා ලදී.