නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි

1 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස්වල ශ්‍රම දායකත්වය සහ එස්.ඒ ඉෂාන් පෙරේරා මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත හංවැල්ල, කළුඅග්ගල ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජුනි මස 11 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

මේජර් ජෙනරල් අනිල් පීරිස් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණය මත කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙම නව නිවස ඉදිකිරීම සඳහා ඉඩම පරිත්‍යාග කරන ලදී. නිවාස අවශ්‍යතා සහිත පුද්ගලයින් සමඟ පරිත්‍යාගශීලීන් සම්බන්ධීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ මේජර් ජෙනරල් අනිල් පීරිස් (විශ්‍රාමික) විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලැබූ 50 වන නිවස මෙය වේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය USP ndc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.