1 බලකායේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

1 බලකාය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 ජුනි මස 11 දින කිලිනොච්චියේ පිහිටි තිරුවල්ලුවර් විද්‍යාල පරිශ්‍රයේදී අඩු ආදායම්ලාභී පවුල්වල දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu සහභාගි විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, කිලිනොච්චි කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, සෙසුනිලයන්, දුවා දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ.