කූරගල ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පියවර ගනී

2025 ජුනි මස 10 දින කූරගල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත් වීමට 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ. එහිදී ගින්න මැඩපැවැත්වීමට සහ අවට ප්‍රදේශවලට එය පැතිරීම වැළැක්වීමට භටපිරිස් හට හැකි විය.

මෙම ගින්න මැඩපැවැත්වීම 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ සහ 572 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.