12th June 2025
9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් කුරුණෑගල, ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් 2025 ජුනි මස 08 දින හෙරලියාවල, එම බලඇණි මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මානුෂීය මෙහෙයුමේදී ජීවිත පූජා කළ රණවිරුවන්ට පින් අනුමෝදම් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල් සමරදිවාකර RWP RSP ndc psc ගේ මඟපෙන්වීම යටතේ සහ 571 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී.