මඟුල්පොකුණ - කාලිංගවිල මාර්ගය යුද්ධ හමුදාව විසින් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරයි

අධික වර්ෂාපතනය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි මඟුල්පොකුණ වැවෙහි පිටවාන කැඩී ‍යාම හේතුවෙන් ජලය පිටාර ගැලීමෙන් මඟුල්පොකුණ සිට කාලිංගවිල දෙසට ගමන් ගමන්නා මාර්ගය දැඩි ලෙස හානියට පත්විය. කඩිනමින් ක්‍රියාත්මකවූ , 23 පාබල සේනාංකයේ සහ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2025 ජනවාරි මස 02 දින සිදුකරනු ලැබූහ.

යුද්ධ හමුදා භටපිරිස්හි මෙම කාලෝචිත ක්‍රියාමාර්ගය හේතුවෙන් එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුවූ අතර, ඒ අනුව ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් ද නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි විය.