3rd January 2025
දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 2024 නොවැම්බර් මස 13 දින සිට 2024 දෙසැම්බර් මස 30 දින දක්වා එම පුහුණු පාසල් පරිශ්‍රයේදී ඒකක පුහුණුකරු පාඨමාලා අංක - 50 සාර්ථකව පැවැත්විණි. මෙම පාඨමාලාව සඳහා නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයන් 28 දෙනෙකු සහභාගි වූහ.
පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්.ජේ.ජී.ඒ.එම්. සුභසිංහ විසින් සමාප්ති දේශනය පවත්වමින් පාඨමාලා කාලසීමාව පුරාවට සහභාගි වූවන් දැක්වූ කැපවීම ඇගයීමට ලක්කළේය.
පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූවන් පහතින් දැක්වේ:
ප්‍රථම ස්ථානය: ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් ජී.එච්.ඒ.එල්.ඩී. හෙට්ටිආරච්චි
දෙවන ස්ථානය: ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කේ.ඒ.ඩී. නයනජිත්
තෙවන ස්ථානය: ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ දෙවන ලුතිනන් ඒ.පී.එස්. ධනංජය