4th January 2025
ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී 2024 දෙසැම්බර් මස 28 දින 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
සංචාරයේ නිරත ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ එල්එස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව, සමූහ ඡායාරූපයකට පෙනීසිටි බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කර හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. සිය දේශනයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා භටපිරිස්හි කැපවීම ඇගයීමට ලක්කළේය. පසුව, එම මූලස්ථාන පරිශ්‍රයේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගී විය.
අනතුරුව, එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් එම ඒකකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ අනාගත සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකළේය. පසුව, එම ඒකකයේ නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වූ එතුමන් මෙම සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.