6th January 2025
සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් සපයනු ලැබූ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු විශේෂ කාර්ය බලකා භටපිරිස් විසින් ඊයේ (ජනවාරි මස 03) දින යාපනය, වේලානෙයි 4 වන අදියර ප්‍රදේශයේදී වැටලීමක් සිදුකරනු ලැබීය. මේ වනතෙක් ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගත් විශාලම විදේශීය නිෂ්පාදිත පළිබෝධනාශක තොගය මෙය වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 50 කට ආසන්න වේ. මෙම වැටලීමේදී, සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබිණි.
අත්අඩංගුවට ගත් පළිබෝධනාශක පිළිබඳ විස්තර පහතින් දැක්වේ:
1. අනුක්‍රොන් - බෝතල් 2,900
2. ලියොකෙම් - බෝතල් 2,248
3. රොකට් - පාර්සල් 29,175
4. ප්‍රිසන් - පාර්සල් 29,109
සිදුවීමට අදාළව අනෙකුත් පාර්ශවයන් පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරමින් පවතී.