7th January 2025
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත අභිනවයෙන් ඉදිකරනු ලැබූ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය 2025 ජනවාරි මස 03 දින නිල වශයෙන් විවෘත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.