7th January 2025
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පොල්ගහවෙල ශාන්ත බර්නදෙන් ආදර්ශ මහ විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳ වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2025 ජනවාරි මස 03 දින සහභාගී විය. එම පාසලේ විදුහල්පතිතුමාගේ ආරාධනයකට අනුව එතුමන් මෙම අවස්ථාවට සහභාගී විය.
අනතුරුව, සේනාංකාධිපතිතුමන් විදුහල්පතිතුමන් සමඟ එක්ව, අභිනවයෙන් පත් වූ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවූ අතර, එහිදී එතුමන් රැස්ව සිටි පිරිස අමතමින්, නායකත්වයේ වැදගත්කම සහ අනාගතයේ ජාතික නායකයින් බවට පත්වීම සඳහා එම සිසුසිසුවියන්ට අවශ්‍ය මඟ පෙන්විම පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, සිසුසිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.