යුද්ධ හමුදා මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී. විජයසේකර ආර්එස්පී යූඑස්ඒසීජීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකින් මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 39 වන අධ්‍යක්‍ෂ ලෙස 2025 ජනවාරි මස 06 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. මීට පෙර මෙම අධ්‍යක්‍ෂ ධූරයේ රාජක‍ාරි සිදු කළ බ්‍රිගේඩියර් එන්.එච්. මල්සිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසුව බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී. විජයසේකර ආර්එස්පී යූඑස්ඒසීජීඑස්සී නව ධූරය වෙත පත්කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.