යුද්ධ හමුදා මූලස්ථානයේ නව සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි රාජකාරී අරඹයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නන්ගර ආර්එස්පී එන්ඩීසී, 2025 ජනවාරි මස 06 දින පැවති කෙටි උත්සවයකින් යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

අනතුරුව, ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.