592 පාබල බලසේනාවේ 17 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

592 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එල්.අයි. කරුණානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ අභිමානවත් 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 29 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සංවත්සර දිනයේදී බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනීසිටියේය.

ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් එම බලසේනාවේ ඉතිහාසය පිළිබඳ මතකාවර්ජනය කළ අතර එම බ‍ලසේනාවේ අභිවෘද්ධිය උදෙසා එතුමන් සතු දැක්ම පිළිබඳව ද පැහැදිළි කළේය. අනතුරුව, පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද එතුමන් සහභාගී විය.

මෙම සංවත්සර සැමරුමට සමගාමීව ක්‍රිකට් තරඟාවලියක්, ආශිර්වාද පතා කෝවිලේ පූජාවක් සහ බෝධි පූජා පිංකමක් පැවැත්විණි. මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්වරුන් පිරිසක් සහභාගී වූහ.