ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ 36 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ 36 වන සංවත්සර දිනය එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ‍ගේ නායකත්වය යටතේ 2025 ජනවාරි 06 දින සමරනු ලැබීය.

සංවත්සර දිනයේදී, සේනාවිධායකතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ නිර්මාතෘ දිවංගත ලුතිනන් කර්නල් ඩී.බී. රාජසිංහ අනුස්මරණය කරමින් එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්විය. පසුව, සේනාවිධායකතුමන් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

සැමරුම් උත්සවයේ දී අභිනවයෙන් ඉදිකරන ලද රෙජිමේන්තු සැරයන් මේජර් නිවස්නය සේනාවිධායකතුමන් විසින් විවෘත කිරීම සිදුකළ අතර, එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූ අතර, සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් සැමරුම් උත්සවයේ වැඩකටයුතු අවසන් විය.