542 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

542 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2025 ජනවාරි මස 7 දින පූමලන්දන් ප්‍රාථමික විද්‍යාලය සහ මඩු සිංහල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 94 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පූමලන්දන් පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී ගේ මඟපෙන්වීම සහ 542 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මේජර් පී.ජී. නිරංජන් ආර්එස්පී ගේ සම්බන්ධීකරණය මත 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සපයාදෙනු ලැබීය. පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යයන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් DFCC බැංකුවේ සහයෝගය සහ රෝසි තුරින් මෙනවියගේ අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේදී රු. 8,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පාර්සල් සිසු සිසුවියන් වෙත බෙදාදෙනු ලැබීය.