9th January 2025
ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් සහ කාහේංගම ප්‍රදේශයේ ජනතාව එක්ව, එම ප්‍රදේශයේ මාර්ගය කිලෝ මීටර් 2 ක දුර ප්‍රමාණයක් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින පවත්වන ලදී.
තවද, ඒදණ්ඩාවල හන්දියේ සිට එම රෙජිමේන්තු මධ්‍යස්ථානය දක්වා ඇති ජලාපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ සහ කාහේංගම, ශ්‍රී විද්‍යාලෝක පිරිවෙන් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද එදින පවත්වන ලදී. ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත මෙම සමාජ සත්කාරක වැඩසටහන පවත්වන ලදී.