ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි 4 සහ 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවන්හි නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, 4 සහ 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවන්හි 2025 ජනවාරි මස 07 දින නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි ආඥාපතිතුමන් ‍ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් එතුමන්ව පිළිගනු ලැබීය.

පසුව, එතුමන් එම ස්ථානයන්හිදී භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව, විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොත්හි සටහනක් ද තැබීය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.