භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ 45 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ 45 වන සංවත්සරය වෙනුවෙන් එම මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ උපදෙස් මත හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් පනාගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පරිශ්‍රයන්හිදී 2025 ජනවාරි මස 8 දින පවත්වනු ලැබීය.

උත්සව අවස්ථාවට සපැමිණි භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසුව භටපිරිස් අමතමින්, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය නඟා සිටුවීම සඳහා මීට පෙර එම ධූරයන්හි රාජකාරි කරනු ලැබූ ආඥාපතිවරුන්ගේ කැපවීම ඇඟයීමට ලක්කළේය.

උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.