12 බලඇණිය ගජබා රෙජිමේන්තුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.කේ ගුණරත්න යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික පාසලේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 4 දින පැවැත්විණි.

එහිදී පාසල් සිසුසිසුවියන් 50 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබාදුන් අතර, ඒ සඳහා මූල්‍යමය දායකත්වය ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්‍ෂ, ප්‍රධාන මූල්‍ය නිලධාරී නිරාජ් මුතුකුඩ, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ඒ.එල්.ඩී.එන්. ගුණසේකර (විශ්‍රාමික) සහ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය දනුෂි ගුණසේකර යන මහත්ම මහත්මීන් විසින් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.