3rd January 2025
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් සංවිධානය කරනු ලැබූ 2024 වන්නි නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2024 දෙසැම්බර් මස 29 දින වවුනියාව ‘සංස්කෘතික ශාලාවේදී’ පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මන්නාරම දියෝකිසියේ විකාර් ජනරාල් පියතුමා වන පී. ක්‍රිස්තුනායගම් පියතුමන් සහභාගී විය.
මෙම උත්සවය අතරතුරදී, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සනිටුහන් කරමින් කැරොල් ගී ගායනයන් සහ සාමය වෙනුවෙන් යාඥාවන් සිදුකෙරිණි. මෙම උත්සවය වර්ණවත් කිරීම සඳහා යුද්ධ හමුදා ගායනා කණ්ඩායම, වවුනියාව ශාන්ත අන්තෝනි, ශාන්ත ජෝශප්, පරලොවට වැඩි දේවමාතා සහ මඩුමාතා දේවස්ථානයන්හි ගායනා කණ්ඩායම් සිය දායකත්වය ලබාදුන්හ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ගිනිකෙළි සංදර්ශනයක් සහ සහභාගී වූවන් වෙනුවෙන් ප්‍රණීත භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.
මෙම වැඩසටහන සඳහා පූජකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරින් සහ සිවිල් වැසියන් 1,500 කට අධික පිරිසක් සහභාගි වූහ.