591 පාබල බලසේනාවේ 17 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 13 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සංවත්සර දිනයට සමගාමීව, එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ක්‍රිකට් තරඟාවලියක්, කෝවිල් පරිශ්‍රයේදී ආශිර්වාද පූජාවක් සහ කඳවුරු පරිශ්‍රයේදී බෝධි පූජා පිංකමක් සංවිධානය කරන ලදී.

සංවත්සර දිනයේදී, 591 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව සියළු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් සියළු නිලයන් සමඟින් සුහඳ පිළිසඳරක නිරතවිය. මෙම සැමරුම් උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.