55 පාබල සේනාංකය සහ 552 පාබල බලසේනාව ඒකාබද්ධව වෙරළ තීරය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 55 පාබල සේනාංකයේ සහ 552 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 13 දින පුනරීන්, පල්ලිකුඩා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් ‘තිරසාරභාවය සහ පරිසරය වෙනුවෙන් වෙරළ තීරයන් පුනර්ජීවනය කිරීම’ තේමාව ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මුහුදු ජීවීන්ට පිරිසිදු හා ආරක්‍ෂිත පරිසරයක් ගොඩනැඟීමේ අරමුණින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය, සුන්බුන් සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීම වෙනුවෙන් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූහ.