යුද්ධ හමුදා භටපිරිස් ගංවතුරින් පීඩාවට පත් පුද්ගලයින් දෙදෙනෙකු මුදවාගනී

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2025 ජනවාරි මස 19 දින පීඩාවට පත් කැබිතිගොල්ලෑව, ඇල්ලේවැව ප්‍රදේශවාසීන් දෙදෙනෙකු මුදවාගැනීම සඳහා 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් හා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මෙන්ම 211 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.