හොරොව්පොතාන ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වූවන්ට 21 පාබල සේනාංකයේ භටපිරිස් සහන සලසයි

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.පී.එම්. බාලසූරිය ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් හානියට පත් ගල්කුලම, මහනොච්චිකුලම් වැව් බැම්ම තුළ වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.

එමෙන්ම, 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.ඩී.පී. සිරිවර්ධන පීඑස්සී ගේ අධීක්‍ෂණය මත 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හොරොව්පොතාන කිරිඉබ්බා වැව් බැම්ම තුළ වැලි කොට්ට අතුරා අළුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබීය.

මීට අමතරව, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් ලබාදුන් සලාක ද්‍රව්‍ය භාවිතා කරමින් 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් දිවා ආහාර පාර්සල් 300 කට අධික ප්‍රමාණයක් සකස්කර ගංවතුරෙන් අවතැන් වූවන් වෙත බෙදාදීම සඳහා හොරොව්පොතාන ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදෙන ලදී.

මේ අතර, 2025 ජනවාරි මස 19 දින වෙහෙරතැන්න පාලමේ අඩි 6 ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යටවීම හේතුවෙන් එම පාලම තුළින් ප්‍රදේශවාසීන්ට ප්‍රවාහන පහසුකම් සිදුකිරීම සඳහා 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ශ්‍රි ලංකා නාවික හමුදා සාමාජිකයන් වෙත සිය සහයෝගය ලබාදෙන ලදී.

මෙම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් පිරිසක් සහභාගි වූහ.