221 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

221 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 16 දින ත්‍රිකුණාමලය, සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

221 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත එම පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එසේම අධ්‍යාපන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් එම පාසල් පුස්තකාලය සඳහා විශේෂ පොත් කට්ටලයක් ද පරිත්‍යාග කෙරිණි.