21st January 2025
24 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 241 පාබල බලසේනාවට අයත් 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින හානියට පත් වීරයාඩි වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. එම ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරමින් වැව් බැම්ම තවදුරටත් ඛාදනය වීම වැළැක්වීම සඳහා භටපිරිස් විසින් එම වැව් බැම්ම තුළ වැලි කොට්ට අතුරනු ලැබීය.