21st January 2025
11 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඊ.ජි.ජේ.පී. එදිරිසිංහ යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 18 දින කිරුඩාවිල් හින්දු දමිළ මිශ්‍ර පාසලේ සහ ශිවප්‍රකාශ් පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 125 දෙනෙකු වෙනුවෙන් පාසල් ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව, ශිවප්‍රකාශ් පාසලෙහි මේස, පුටු සහ ගොඩනැගිලි මත තීන්ත ද ආලේප කරනු ලැබීය.
මනුසරණ භික්‍ෂු සංගමයේ සභාපති කත්තෝරුවේ සිරිධර්ම හිමිපාණන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාව සඳහා භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරු භවතුන්, සිසු සිසුවියන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.