18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් හානියට පත් අලවත්ත කුඹුර වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කරගහවෙල ගම්මානයේ ගොවි ජනතාව සමඟ එක්ව 2025 ජනවාරි මස 26 දින බිබිල, අලවත්ත කුඹුර වැව්බැම්ම ඛාදනය වීම සාර්ථකව වළක්වාගනු ලැබීය.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් හානියට පත් එම වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන ලදී.