11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් දේශනයක් පවත්වයි

මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී විසින් 2025 ජනවාරි මස 28 දින මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී නායකත්වය, ධනාත්මක චින්තනය සහ පෞර්ෂ සංවර්ධනය පිළිබඳ දේශනයක් පවත්වන ලදී.

මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම දේශනය සමාප්තියේ එම දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂතුමන් විසින් 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.