ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් කුරුණෑගල දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ වයඹ පළාත් ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධීකරණය යටතේ, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් 2025 ජනවාරි මස 28 දින කුරුණෑගල දුම්රිය ස්ථානයේ දී පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමඟාමීව සිදු කරන ලද මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමන් හා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් අධීක්‍ෂණය කරන ලදී.

මෙම වැඩසටහනට දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහගාගීත්වයෙන් යුතුව යුද්ධ හමුදා භට පිරිස් 30 දෙනෙකු සහභාගි වූහ.