6th February 2025
77 වන නිදහස් දින සැමරුමට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 4 දින පොළොන්නරුව, පැරකුම් වැඩිහිටි හා ළමා නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ කුඩා ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම අවස්ථාවේදී, කැලිප්සෝ සංගීත කණ්ඩායමක් විසින් විනෝදාස්වාද වැඩසටහනක් ද පැවැත්වීය.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.