2 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක සහ දිවා ආහාර පාර්සල් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය මත 2 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් වියළි ආහාර සලාක සහ දිවා ආහාර පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

එම ඒකකය වෙතින් ක්‍රියාත්මක කරනු ලැබූ සිවිල් හමුදා සම්බන්ධීකරණ වැඩසටහනේ තවත් අදියරක් ලෙස පැවැත්වූ මෙම වැඩසටහන 2025 මැයි මස 25 දින එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. එම ප්‍රදේශයේ ගර්භනී මාතාවන් වෙනුවෙන් සහයෝගය දැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා එම ඒකකයේ අණදෙන නිලධාරි, නිලධාරින් සහ සෙසුනිලයන් ගේ අනුග්‍රාහකත්වය හිමිවූහ.

මෙම වැඩසටහන 221 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ සංකල්පයකට අනුකූලව ක්‍රියාත්මක කෙරිණි.