1st January 2025
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.පී. ජයසිංහ ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් 2024 දෙසැම්බර් මස 30 දින කල්ලියඩි රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු උවදුර පැතිරීමේ අවධානම ඉහළ ගොස් ඇති බැවින්, එය පාලනය කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙම වැඩසටහන සඳහා නිලධාරින්, සෙසුනිලයන් සහ පාසල් සිසු සිසුවියන් පිරිසක් සහභාගී වූහ.