ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී ‘ජාත්‍යන්තර සංස්කෘතික උළෙල 2025’ පැවැත්වෙයි

15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සාමාජිකයන් 2025 මැයි මස 28 දින නැකෝරා ප්‍රදේශයේ ස්ථාපිත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ පැවති ‘ජාත්‍යන්තර සංස්කෘතික උළෙල 2025’ සඳහා සහභාගි විය.

එම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සාමාජිකයන් විසින් සකස් කරන ලද සාම්ප්‍රදායික ආහාර පාන වර්ග ඉදිරිපත් කළ අතර මෙහිදී, ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නර්තනයන්ගෙන් යුත් සංගීත සංදර්ශනයක් ද සංස්කෘතික හා කැලිප්සෝ කණ්ඩායම වෙතින් ඉදිරිපත් කිරීම සිදුකරන ලදී.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ බලකාධිපති සහ අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරල් ඇරොල්ඩෝ ලාසාරෝ සාන්ස් ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී විතානගේ RSP ඇතුළු එම කණ්ඩායමේ සාමාජිකයන් ද සහභාගි වූහ.