15 වන ශ්‍රී ලංකා හමුදා අරක්‍ෂක භට කණ්ඩායමේ 2025 වසරේ දෙවන කාර්තුව සඳහා ඇගයීමට ලක්වෙයි

15 වන ශ්‍රී ලංකා හමුදා අරක්‍ෂක භට කණ්ඩායමේ කාර්තුමය ඇගයීම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ඇගයීම් මණ්ඩලය විසින් 2025 මැයි මස 09 දින ශ්‍රී කඳවුරු පිරිශ්‍රයේදී සිදුකරන ලදී. එහිදී මෙහෙයුමේ කාර්ය සාධනය, සම්පත් භාවිතය, ප්‍රතිපත්තිමය කාර්යක්ෂමතාව, කළමනාකරණ සහ ව්‍යුහාත්මක අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.

මෙම තක්සේරුව මගින් ලෙබනනයේ සිදුකරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් සඳහා මෙරට භටපිරිස්හි යෝග්‍යතාවය නැවත තහවුරු කරන ලදී. එහිදී 15 වන ශ්‍රී ලංකා හමුදා අරක්‍ෂක භට කණ්ඩායමේ මෙහෙයුම් කටයුතු, තත්ත්ව දැනුවත්භාවය, පුහුණුව, සන්නිවේදනය සහ භඨකාර්ය සම්පාදන කළමනාකරණය යන අංශ යටතේ ඇගයීම සිදුකරන ලදී.