5th June 2025
වයස අවුරුදු 22 න් පහළ ආසියානු බොක්සිං තරඟාවලිය 2025 මැයි මස 12 සිට 23 දින දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරඟාවලිය සඳහා රටවල් 24 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 243 දෙනෙකු සහභාගි වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණයන් පහතින් දැක්වේ:
• 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.කේ.එන් පෙරේරා - ලෝකඩ පදක්කම.
• 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල කේ.ඩබ්ලිව්.එස්.එම්.ඒ දසුන්ප්‍රිය - ලෝකඩ පදක්කම.
• 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එන්.එම්.එම් නරසිංහ - රිදී පදක්කම.
යුද්ධ හමුදා බොක්සිං කණ්ඩායමේ සභාපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා ක්‍රීඩකයන්මෙම තරඟාවලිය සඳහා සහභාගි වූහ.