1st May 2025
2025 අප්‍රේල් මස 09 දින සිට අප්‍රේල් මස 30 දින දක්වා පැවති 13 වන ආරක්ෂක සේවා රග්බි ශූරතාවලිය යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි රග්බි කණ්ඩායම සමත් වූහ.
යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය විසින් තම ප්‍රථම තරඟය අප්‍රේල් මස 22 දින වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩාංගණයේදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟින් පැවති අතර, එම තරඟයේදී යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය විසින් ලකුණු 19-14 ක් ලෙස තියුණු ජයග්‍රහණයක් හිමිකර ගන්නා ලදී.
අප්‍රේල් මස 30 දින යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරඟයේදී ලකුණු 29-24 ක් ලෙස යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය විසින් තියුණු ජයග්‍රහණයක් හිමිකර ගනිමින් එම ශූරතාවලිය දිනා ගන්නා ලදී.
යුද්ධ හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා රග්බි කමිටුව විසින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.