2024/2025 ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා භටපිරිස් දස්කම් දක්වයි

13 වන ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ක්‍රීඩා තරඟාවලිය, ටොරින්ටන් පෙදෙස කොළඹ 07 ජාතික බර ඉසිලීමේ මධ්‍යස්ථානයේ දී 2025 ජනවාරි මස 09 දින අවසන් විය.

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොමදොරු ආර් දිසානායක ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගී විය.

තරඟාවලියේ පිරිමි සමස්ත ශූරතාවය දිනා ගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සාමාන්‍ය සෙබළ කේ.සී.ඒ.එස්.ඩී. ජයවර්ධන ගේ සුවිශේෂී දක්‍ෂතා වෙනුවෙන් ශූරතාවලියේ දක්‍ෂතම බර ඔසවන්නාට හිමි කුසලානය දිනාගන්නා ලදී.

13 වන ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ක්‍රීඩා තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් තම බර ඉසිලීම් කාණ්ඩවල ජයග්‍රහණයන් හිමිකර ගත්හ.