5th June 2025
ඉන්දීය යුද්ධ හමුදා ජංගම පුහුණු කණ්ඩායම විසින් 2025 මැයි මස 5 සිට ජුනි මස 3 දින දක්වා පනාගොඩ රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනයේදී උසස් සයිබර් ආරක්ෂණ පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. වත්මන් සයිබර් ආරක්ෂණ භාවිතයන් පිළිබඳ ගැඹුරු න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබාදීමෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ සයිබර් ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වීය.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා ප්‍රධාන සංඥා නිලධාරිගේ මඟපෙන්වීම මත ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක සයිබර් විධානය සමඟ සහයෝගයෙන් යුතුව පැවති මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලය වෙතින් සිදුකරනු ලැබිය.
9 වන ඉන්දියානු ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාවේදී ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන තුළින් ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරනු ලබයි. මෙම පුහුණුව සඳහා ආරක්ෂක සයිබර් විධානයේ නිලධාරින්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 34 දෙනෙකු සහභාගි වූහ.
සමාප්ති උත්සවය සඳහා සයිබර් ආරක්ෂක විධානයේ අධ්යක්ෂ සහ 2 වන සංඥා බලසේනාවේ බලසේනාධිපති සහභාගි වූ අතර, එහිදී එම වැඩසටහන සඳහා සහභාගිවූවන් වෙත සහතිකපත් ප්රදානය කිරීම ද සිදු කරන ලදී.