ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් වෙනුවෙන් බෝ නොවන රෝග පිළිබඳ දේශනයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2025 මැයි මස 01 දින බෝ නොවන රෝග පිළිබඳ දේශනයක් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කපිතන් ජී.ඒ රාජපක්‍ෂ විසින් පවත්වන ලද මෙම දේශනය මගින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වාගැනීම සඳහා බෝ නොවන රෝග පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම අරමුණ විය.