අරන්තලාව භික්‍ෂු ඝාතනයේ 38 වන ගුණානුස්මරණය පැවැත්වෙයි

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් වර්ෂ 1987 ජුනි මස 2 දින අම්පාර දිස්ත්‍රික්කයේදී බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා 33 නමක් සහ සිවිල් වැසියන් සිව් දෙනෙකු ඝාතනය කළ සිදුවීමේ 38 වන ගුණානුස්මරණය 2025 ජුනි මස 2 දින අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

පූජ්‍ය ආචාර්ය කිරිඳිවෙල ශ්‍රී සුමනරතන හිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම උත්සවය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සම්භාවනීය අමුත්තන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

එම අරන්තලාව භික්‍ෂු ඝාතන සිදුවීමෙන් අපවත් වූ භික්‍ෂූන් වහන්සේලා සහ ජීවිතක්‍ෂයට පත්වූ සිවිල් වැසියන් අනුස්මරණය කරමින් ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ස්මාරකය අසල නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබනු ලැබීය.