ආරක්‍ෂක ලේකම් 243 පාබල බලසේනාවේ භටපිරිස් අමතයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and two Bars, RSP and Bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc 2025 ජුනි මස 03 දින මඩකලපුවේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදී , එතුමන් 243 පාබල බලසේනාවේ භටපිරිස් ආමන්ත්‍රණය කරමින් වර්තමානයේ පවතින ආරක්‍ෂක තත්ත්වයන් ගැන අවධානයෙන් සිටීමේ සහ බලප්‍රදේශය තුළ ඕනෑම හදිසි තත්ත්වයකට ප්‍රතිචාර දැක්වීම සඳහා හමුදාවන් සූදානම්ව සිටීමේ ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.