ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස්හි සහාය

10 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 24 දින මන්තෙයි, තිරුකේෂ්වරම් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

541 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ එම වැඩසටහන පැවැත්විණ.

මහා ශිවරාත්‍රි උත්සවයට පෙර මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

‘ක්ලීන්’ ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පුදුකුඩිඉරිප්පු දිස්ත්‍රික් සිද්ධි ආයුර්වේද රෝහලේ ඉල්ලීමකට අනුව 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් හි සහභාගීත්වයෙන් රෝහල් කාර්ය මණ්ඩලය සහ සිවිල් වැසියන් එක්ව 2025 මාර්තු මස 07 දින එම රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.