23 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

23 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඊ.ඒ එදිරිසිංහ RWP RSP psc ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් මෙට්ට 40 ක් සහ පොල් පැළ 40 ක් බෙදාදෙන ලදී. මාවනැල්ල ප්‍රදේශයේ වෙසෙන සුමේධ මොලිගමුව මහතාගේ අනුග්‍රාහකත්වය මත මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම පරිත්‍යාග වැඩසටහන 2025 මාර්තු මස 2 දින කිලිනොච්චිය, වෙම්බඩිකේනි CCTM පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වී.ඩී.එස් පෙරේරා ගේ සුරතින් අඩු ආදායම්ලාභී පවුල් 40 ක් වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදුකළේය.