1 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් නායයෑමකට ලක්වූ නිවසක සිරවී සිටි පුද්ගලයෙකු මුදවාගනී කන්දෙගෙදර සාරන්‍යා දමිළ විද්‍යාල පරිශ්‍රයේදී 2025 මාර්තු මස 03 දින ක්‍රියාත්මක කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් 1 බලඇණිය ගැමුණු හේවා බලකා

කන්දෙගෙදර සාරන්‍යා දමිළ විද්‍යාල පරිශ්‍රයේදී 2025 මාර්තු මස 03 දින ක්‍රියාත්මක කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් එම විද්‍යාල පරිශ්‍රය අසල නායයෑමකට ලක්වූ නිවසක සිරවී සිටි පුද්ගලයෙකු මුදවාගැනීමට කටයුතු කරන ලදී.

මෙම සිදුවීම සබැඳිව 112 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කරන විට ඔවුන් සාරන්‍යා දමිළ විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක නිරතව සිටියහ. කඩිනමින් ක්‍රියාත්මක වූ භටපිරිස් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් නායයෑමෙන් සිරවී සිටි පුද්ගලයා මුදවාගැනීමට කටයුතු කරන ලදී.

මුදවාගත් පුද්ගලයා වෙත කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් අතර ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව වාර්තා වේ.